19 April 2025


ට්‍රම්ප්ට කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා නඩු පවරයි



තීරු බදු පැනවීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව කැලිෆෝනියා ආණ්ඩුකාර Gavin Newsom නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒකපාර්ශවික ගෝලීය තීරු බදු පැනවීම තුළින් කැලිෆෝනියානු පවුල් සහ ව්‍යාපාරවලට හානි සිදු වන බවට Gavin Newsom චෝදනා කර ඇති බවයි.

එමෙන්ම මෙක්සිකෝව, චීනය සහ කැනඩාවට එරෙහිව තීරු බදු පැනවීමට සහ ලෝකයේ සෙසු රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා 10%ක මූලික තීරු බදු පැනවීමට ට්‍රම්ප්ට බලය නොමැති බවද කැලිෆෝනියා ප්‍රාන්තය නිවේදනය කර තිබෙනවා.

(colombotimes.lk)