ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද හිමියන් 17,140,354 දෙනෙක් සුදුසුකම් ලබා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහිදී 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව එක් එක් මැතිවරණ කොට්ඨාසයේ ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වන විටත් ප්‍රකාශයට පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව වැඩිම ඡන්ද දායකයන් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛාව දැක්වෙන්නේ 1,881,129ක් ලෙසයි.
එමෙන්ම අඩුම ඡන්ද දායකයන් වන්නි මැතිවරණ කොට්ඨාසයෙන් වාර්තා වනවා.
එම සංඛ්‍යාව දැක්වෙන්නේ 306,081ක් ලෙසයි.
(colombotimes.lk)