29 June 2025

logo

ප්‍රදේශ රැසකට හෙට ජලය නවතියි



ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට හෙට (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ එදින පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

පෑලියගොඩ, වත්තල, ජා - ඇල, කටුනායක, සීදුව නගර සභා බලප්‍රදේශය, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)