22 May 2025


පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ වර්ජනය ගැන තීරණයක්



ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසින් අද (22) ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කළේ ස්‍යෙඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය ලේකම්වරිය සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව හෙට (23) දවසේ සාමාන්‍ය පරිදි සේවා කටයුතු සිදුවන බවද එම බල මණ්ඩලය සඳහන් කළා.

(colombotimes.lk)