මේ වන විට ලංකාවේ වැඩිහිටි නිවාස 456ක් පවත්වාගෙන යන බව වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය තහවුරු කර තිබෙනවා.
ඒ අතරින් ලියාපදිංචි කර නිසි ලෙස පවත්වාගෙන යන වැඩිහිටි නිවාස ගණන දැක්වෙන්නේ 148ක් ලෙසයි.
මේ නිසා වැඩිහිටි නිවාස ලියාපදිංචි කිරීම සඳහා නිශ්චිත කාලයක් ලබාදීමටත්,එම කාල සීමාව ඇතුළත ලියාපදිංචි නොකරන නිවාසවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම සංගමය ප්‍රකාශ කළා.
වැඩිහිටි තැනැත්තන් සඳහා වන මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ වැඩිදුරටත් කියා සිටියේ ඒ අනුව වැඩිහිටි නිවාස ලියාපදිංචිය සඳහා වන කාලසීමාව තීරණය කර මෙතෙක් ලියාපදිංචි නොකළ සියලුම නිවාසවලට ඒ පිළිබඳව දැනුම් දීමට පියවර ගන්නා බවයි.
(colombotimes.lk)
