17 May 2026

logo

දිට්වා වන්දි මුදල් වංචා කළ නිලධාරීන්ගේ වැඩ තහනම්



මොනරාගල දිස්ත්‍රික්කයේ 'දිට්වා' වන්දි ගෙවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ආපදා සහන සේවා නිලධාරියාගේ රාජකාරී වැඩ තහනම් කර තිබෙනවා.

රජයේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ චෝදනා එල්ලවී ඇති ග්‍රාම නිලධාරියාද පරීක්ෂණ කටයුතුවලට පහසුවීම සඳහා වෙනත් කොට්ඨාසයකට මාරුකර ඇති බවයි.

එමෙන්ම මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙමින් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)