වැවක මසුන් අල්ලමින් සිටියදී ඇතිවූ අසනීප තත්ත්වයක් මත සිහිසුන්ව දියේ ගිලීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඒ තඹලගමුව පොලිස් වසමේ සේනවල්ලි වැවේ ගිලීමෙන්.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ක් වන තඹලගමුව, අර්ෆානගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තඹලගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
