රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය රියදුරන්ට නිකුත් කරන දඩ කොළ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම සඳහා නියමු ව්‍යාපෘතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ රජය විසින් හඳුන්වාදී තිබෙන GovPay ඇප් එක හරහා මෙම ගෙවීම් සිදු කළ හැකි බවයි.
මෙම ව්‍යාපෘතිය කුරුණෑගල සිට අනුරාධපුර දක්වා මාර්ගයේ ස්ථාන 11කදී ක්‍රියාවට නංවා තිබෙනවා.
මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළේ මේ මස 30වනදා දක්වා එය ක්‍රියාත්මක වන බවයි.
රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදු කිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම හඳුන්වාදීම පසුගිය පෙබරවාරි 7වනදා සිදු කෙරුණා.
(colombotimes.lk)