20 May 2026

logo

පාකිස්ථානය පරදා බංගලාදේශය ලැබූ ජයෙන් ශ්‍රී ලංකාවට වාසික් - නවතම ICC ශ්‍රේණිගත කිරීම් මෙන්න



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

ඒ බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය තරග 2 - 0ක් ලෙස පාකිස්ථාන කණ්ඩායම පරාජයට පත්වීමත් සමඟයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ශ්‍රේණිගත කිරීම්වල 07වන ස්ථානයේ සිට 06වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

එමෙන්ම පාකිස්ථානයට එරෙහිව පැවති ටෙස්ට් තරග 2ම ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 07වන ස්ථානය දක්වා ස්ථාන 2ක් ඉදිරියට පැමිණ ඇති බව ICCය සඳහන් කළා.



(COLOMBOTIMES.LK)