09 May 2025


පාකිස්ථානය BRICS සමග එක් වීමට කැමැත්ත පළ කරයි



පාකිස්ථානය BRICS සංවිධානය සමග සම්බන්ධ වීමට කැමැත්ත පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

ඒ පවතින ආර්ථිකය අර්බුදය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ණය වැඩසටහනේ සාකච්ඡා ඇණ හිට ඇති පසුබිමක් තුලයි. 
 
පාකිස්ථානය ඇතුළු රටවල් 19ක් එම සංවිධානය සමග සම්බන්ධ වීමට කැමැත්ත පළ කර ඇති බව සඳහන්. 
 
ලබන අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත කණ්ඩායම් සමුළුවේදී ඔවුන්ගේ අභිලාෂ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළා. 
 
BRICS සංවිධානය එක්සත් ජාතීන් විසින් ජාත්‍යන්තර සංවිධානයක් ලෙස පිළිගෙන ඇති අතර, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය එහි සාමාජිකත්වය දරනවා.
(colombotimes.lk)