colombotimes.lk
සිංහල | English

07 May 2024

පැරිස් ඔලිම්පික් සඳහා මෙරටින් සහය දිවීමේ කණ්ඩායමක්



ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය (SLA) විසින් 2024 ලෝක සහය දිවීමේ ශූරතාවලියට පිරිමි මීටර් 4x400 සහ මිශ්‍ර සහය දිවීමේ ඉසව්වට කණ්ඩායම් දෙකක් සමඟින් සහභාගි වීමට තීරණය කර තිබෙනවා.

ඒ, 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීම අරමුණෙන් බව වාර්තා වන්නේ.

ලෝක සහය දිවීමේ ශූරතාවලිය ලබන වසරේ මැයි 4 සහ 5 යන දිනවල බහමාස් හිදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම IAAF ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව 36 වැනි ස්ථානයේ පසුවනවා.

නමුත් චීනයේ Hangzhou ආසියානු ක්‍රීඩා උළෙලේදී නීතිවිරෝධී ධාවනයක් හේතුවෙන් ඔවුන්ගේ සුදුසුකම් අහිමිවුණා.

ශ්‍රී ලංකා පිරිමි මීටර් 4x400 සහය දිවීමේ කණ්ඩායම තත්ත්පර 3:01.56කින් හොඳම දක්‍ෂතාව දක්‌වා තිබෙනවා.

ඒ අනුව 2024 ලෝක සහය දිවීමේ ශූරතාවලියට කණ්ඩායම් දෙකම සහභාගි වන්නේ නම් පැරිස් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඔවුන්ට ඇති බව SLA සභාපතිවරයා අවධාරණය කළා.

පැරිස් ඔලිම්පික් සඳහා ප්‍රවේශවීමට සුදුසුකම් ලබාගැනීමේ අවසන් දිනය වන්නේ 2024 ජූලි 31 වෙනිදායි.

මෙතෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩකයෙකු පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා නොතිබීම විශේෂත්වයක්.
(colombotimes.lk)