වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදා හැරීමට අද (10) නියෝග කළා.
ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
ඔහුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)