මේ වසර අවසන් වීමට පෙර සියලු පළාත් පාලන ආයතන සඳහා ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
එමෙන්ම මේ වන විටත් පළාත් පාලන ආයතන 69 ක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, වරිපනම් බදු ඇතුළු බදු ගෙවීමේ කටයුතු පළාත් පාලන ආයතන තුළ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මේ වන විට සිදු කෙරෙන බවයි.
ඊට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමේ කටයුතු ද ඔන්ලයින් ක්‍රමය යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
මේ වසර අවසන් වීමට පෙර දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන 341 සඳහාම මෙම වැඩපිළිවෙළ හඳුන්වා දීමට නියමිතයි.
(Colombotimes.lk)