18 June 2025


මාරක රිය අනතුරකින් පදිකයෙක්ට දිවි අහිමි වෙයි



ත්‍රිකුණාමලය දෙස සිට ආන්ද්‍රම්කුලම දෙසට ධාවනය වූ යතුරුපැදියක් පදික මාරුවෙන් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙක්ගේ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. 

ඒ ත්‍රිකුණාමලය - අඹේපුස්ස මාර්ගයේ ආන්ද්‍රම්කුලම ප්‍රදේශයේදීයි. 

මෙම අනතුර ඊයේ (17) රාත්‍රී කාලයේ අනතුර සිදුවී ඇති අතර අනතුරින් පදික පුද්ගලයා බරපතළ තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ වයස අවුරුදු 56ක් වූ චම්පාලෙන්, ආන්ද්‍රම්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මිය ගොස් ඇති බවයි. 

(colombotimes.lk)