13 December 2025

logo

ධීවරයන්ට රක්ෂණ යෝජනා ක්‍රමයක්



කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවරයන්ට 'සයුර'නමින් විශේෂ හදිසි අනතුරු රක්‍ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වාදී තිබෙනවා. 

එම මණ්ඩලය සඳහන් කළේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේද සහයෝගය ඇතිව එම රක්ෂණාවරණය ක්‍රියාත්මක කරන බවයි.

ධීවර කර්මාන්තයේ යෙදීම නිසා සිදුවන ජීවිත අවදානම පිළිබඳව විශේෂයෙන් සලකා බලා මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. 

වාර්ෂිකව අලුත් කරගත හැකි පරිදි හා ධීවර ජනතාවගේ මූල්‍ය තත්ත්වයට අනුව ආවරණ මට්ටම් 03කින් සමන්විතව සහ ඉතා සුළු වාරික මුදලක් යටතේ දායකවිය හැකි පරිදි මෙය සකස් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙය ලබන 01වනදා සිට ක්‍රියාත්මක බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළා. 

(colombotimes.lk)