18 June 2025


කොළොන්නාවේ බලය අල්ලන්න මාලිමාවට සහය දුන් සජබ සභිකයාට වැඩ වරදියි



කොළොන්නාව නගර සභාවට සමගි ජන බලවේගයෙන් වැඩිම මනාපයෙන් තේරී පත්වූ නාරාහේන්පිගේ සුසිල් කුමාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. 

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් කරමින් මේ බව සඳහන් කළා. 

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සමගි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව කොළොන්නාව නගර සභාවේ සභාපති හා උපසභාපති පත්කිරීමේදී කටයුතු නොකිරීම හේතුවෙන් එලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවයි. 

 
(colombotimes.lk)