30 March 2025


පොදු ප්‍රවාහන සේවාවට බාධා කරන පුද්ගලයන්ට වැඩ වරදින ලකුණු



පොදු ප්‍රවාහන සේවාවට බාධා පමුණු වන පුද්ගලයන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ ප්‍රවහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසින්.

ඉදිරියේදී අත්‍යාවශ්‍ය සේවා බිඳ වට්ටන සහ එම සේවා කඩාකප්පල් කිරීමට කිසිදු පුද්ගලයක්ට ඉඩ නොතබන බව එහි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළා.

ඔහු කියා සිටියේ පසුගිය 24වනදා ගාල්ල - මාතර බස් රියදුරෙක්ට පහරදීමේ සිදුවීමත් සමඟ මෙම පියවර ගත් බවයි.

එම පහර දීම සිදු කළ හා එයට අනුබල දුන් ලොරි රථ රියදුරුට සහ ත්‍රිරෝද රථ රියදුරුට නීතිය දැඩිව ක්‍රියත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍යවරායා වැඩිදුරටත් සඳහන් කළා.

සැකකරුවන් සියලුදෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඉදිරියේදී  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)