කැලණිය සහ වනවාසල අතර දුම්රියක් පීලි පැනීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය මාර්ගයේ කොටස් ගලවා අලෙවි කිරීමේ සිද්ධියේ අදාළ මිලදී ගැනීම් සිදු කළ පුද්ගලයාත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ සඳහන් කළේ මීට අමතරව අනතුර සිදු වූ ස්ථානයේ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ගලයෙක්ද පොලීසිය විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එමෙන්ම ඔවුන් අද (17( කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
