13 June 2026

logo

මහජන බැංකුවේ උඩුප්පිඩ්ඩි සේවා මධ්‍යස්ථානය නව ස්ථානයට



මහජන බැංකුවේ උඩුප්පිඩ්ඩි සේවා මධ්‍යස්ථානය නව ස්ථානයක යළි විවෘත කර තිබෙනවා.

වැල්වෙට්ටිතුරෙයි මහජන බැංකු ශාඛාවට අනුබද්ධ මෙම සේවා මධ්‍යස්ථානය, උඩුප්පිඩ්ඩි ප්‍රදේශයේ ගනුදෙනුකරුවන්ට නවීන ඩිජිටල් බැංකු සේවා සහ පහසුකම් වඩාත් කාර්යක්ෂමව ලබාදීමේ අරමුණින් නව ස්ථානයකට ගෙන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙම විවෘත කිරීමේ අවස්ථාවට යාපනය කලාප කළමනාකරු එම්. මතියාලගන්, සහකාර කලාප කළමනාකරුවන් වන වයි. සුරේෂ්කුමාර් සහ ටී. භාරත්රාමනා, වැල්වෙට්ටිතුරෙයි ශාඛා කළමනාකරු එස්. මෝහනචෙල්වන්, උඩුප්පිඩ්ඩි සේවා මධ්‍යස්ථාන කළමනාකාරිනී වයි. මතනරාණි ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් පිරිසක් එක්ව සිටියා.






(colombotimes.lk)