13 June 2026

logo

​කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මහජන බැංකුවෙන් POS යන්ත්‍ර



රාජ්‍ය අංශයේ ඩිජිටල් ගෙවීම් පහසුකම් පුළුල් කිරීමේ අරමුණින්, මහජන බැංකුව විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ප්‍රථම POS යන්ත්‍ර 16ක තොගය නිල වශයෙන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදී තිබෙනවා.

​මහජන බැංකුවේ පේරාදෙණිය ශාඛාව විසින් සම්බන්ධීකරණය කරන ලද මෙම ව්‍යාපෘතිය යටතේ, දිවයින පුරා සිටින දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා විශේෂ මාර්ගගත වැඩමුළුවක් ද පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

​මෙම පියවර මඟින් මහජන බැංකුව වෙත නව ව්‍යාපාරික අවස්ථාවක් උදාවන අතරම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවාවන් ඩිජිටල්කරණය කරමින් වඩාත් කාර්යක්ෂම ගෙවීම් පද්ධතියක් ගොඩනැඟීමට ද මඟ විවර වනවා.

(colombotimes.lk)