18 March 2025


අදානි සුළං විදුලි බල ව්‍යාපෘතියට එරෙහි පෙත්සම් ඉල්ලා අස්කර ගනියි



මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම සමඟ සුළං විදුලි බලාගාරයක් ඉදිකරීම සඳහා ඇති කර ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව 5ක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ බවයි වාර්තා වන්නේ.

අදාළ ව්‍යාපෘතිය ඉවත් කර ගන්නා බවට ඉන්දියාවේ අදානි සමාගම විසින් මෙරට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව නිතිපතිවරයා විසින් අධිකරණයට මෝසමක් ගොනු කරමින් දැනුම් දුන්නා.

එම දැනුම්දීමෙන් අනතුරුව පෙත්සම්කරුවන් විසින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

(colombotimes.lk)