21 January 2025


ජනපති මැදපෙරදිග සංචාරයකට එක්වන ලකුණු



ලබන පෙබරවාරි මාසයේදී මැදපෙරදිග රටවල සංචාරය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ පසුගියදා කළුතර බේරුවල පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමක් අමතමින්.

එහිදී ඔහු කියා සිටියේ ඒ සඳහා මැදපෙරදිග රටවලින් දැනටමත් ආරාධනා ලැබී ඇති බවයි.

ඛනිජ තෙල් ලබාගැනීම සම්බන්ධයෙන් මෙම රටවල් සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)