06 July 2025

logo

පලස්තීන සිරකරුවන් පිරිසක් නිදහස් වෙයි



ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ආරම්භ වූ සටන් විරාම ගිවිසුම යටතේ පලස්තීන සිරකරුවන් 90දෙනෙක් නිදහස් කර ඇති බව ඊශ්‍රායල බන්ධනාගාර සේවය ප්‍රකාශ කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (19) ආරම්භ වූ සටන් විරාම කාලය යටතේ පළමු අදියරේ කොටසක් ලෙස මෙම පලස්තීන සිරකරුවන් නිදහස් කර ඇති බවයි.

අදාළ සිරකරුවන් අතර කාන්තාවන් 69දෙනෙක්  සහ පිරිමි පුද්ගලයන් 21දෙනෙක් ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම හමාස් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙක් ද නිදහස් කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)