අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
එම පනත් කෙටුම්පත සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් 09වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබුණා.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පතට නීතිපතිගේ අවසරය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ අනතුරුව අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
(colombotimes.lk)