22 January 2025


මෙරට උද්ධමනය පහළට



2024 වසරේ නොවැම්බර් මාසයේදී -1.7%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය පසුගිය දෙසැම්බර් මාසයේදී -2.0%ක් දක්වා අඩු වී තිබෙනවා.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේදී -1.0%ක් දක්වා අඩු වී ඇති බවයි.

එමෙන්ම 2024 නොවැම්බර් මාසයේ දී -3.1%ක් ලෙස සටහන් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේදී -2.9%ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)