කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (21) ඒකක 16,500 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 16.597,16ක් ලෙස සටහන් වුණා.
එය මෙතෙක් ඉතිහාසයේ සටහන් වූ කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉහළම අගය බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 8.31ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)