පොළොන්නරුව හා මනම්පිටිය අතර තාවකාලිකව ආරම්භ කළ දුම්රිය සේවාව අද (21) පෙරවරුවේ සිට නතර කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින පුරා පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පොළොන්නරුව හා මනම්පිටිය අතර මහ මාර්ගය ජලයෙන් යටවීම නිසා මාර්ගයේ බස් රථ ඇතුළු වාහන ගමනාගමනය අත්හිටුවීම හේතුවෙන් පසුගිය 19 වනදා සිට පොළොන්නරුව හා මනම්පිටිය අතර දුම්රිය සේවාව තාවකාලිකව ආරම්භ කළා.
පොලීසිය සඳහන් කළේ ජලය බැසයාම හේතුවෙන් පොළොන්නරුව හා මනම්පිටිය මාර්ගය රථ වාහන ධාවනය සඳහා අද පෙරවරුවේ සිට විවෘත කළ බවයි.
ඒ හේතුවෙන් පොළොන්නරුව මනම්පිටිය දුම්රිය සේවාව නතර කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කළා.
(colombotimes.lk)