20 April 2025


තැපැල් ඡන්ද පත්‍රිකා අද කොමිසමට



සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද (20) මැතිවරණ කොමිසමට භාරදෙන බව රජයේ මුද්‍රණාලය පවසනවා.

අධිකරණය පැනවූ වාරණයක් හේතුවෙන් පළාත් පාලන ආයතන 102ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වුණා.

රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර සඳහන් කළේ මේ වන විට එම ආයතනවලට අදාළ සියලු තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන බවයි.

 
(colombotimes.lk)