ලෝක ආර්ථිකයේ අවිනිශ්චිතතාව ඉහළ මට්ටමක පැවතීම විවිධ මාර්ග හරහා ශ්‍රී ලංකා ආර්ථිකයට බලපෑම් ඇති කරන බව මහ බැංකුව පවසනවා.
මහ බැංකුව සඳහන් කළේ ඇමෙරිකානු තීරු බදු ප්‍රතිපත්ති මඟින් ශ්‍රී ලංකාවේ අපනයන රටාවලට බලපෑම් ඇති කළ හැකි බවයි.
එහිදී භාණ්ඩ වෙළෙඳාම මූලික අවධානයක් යොමු කළ යුතු අංශයක් බවයි වාර්තා වන්නේ.
ලෝකයේ රටවල වෙළෙඳ ආරක්ෂණ ප්‍රතිපත්ති වැඩිවීම, භූ දේශපාලන අවිනිශ්චිතතාව සහ දුර්වල ලෝක ආර්ථික වර්ධන අපේක්ෂා යන කාරණා හරහා විවිධ මාර්ගවලින් ආර්ථික බලපෑම් ඇති වන බව මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
(colombotimes.lk)