20 April 2025


සාමණේර හිමිවරුන් 125කට ශිෂ්‍යත්ව



නුවරඑළිය දිස්ත්‍රික්කයේ සාමණේර ස්වාමීන් වහන්සේ 125නමකට පමණ ශිෂ්‍යත්ව ප්‍රදානය කරන බව බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසනවා.

ඒ 'ජාතික වෙසක් උත්සව” සැමරුම වෙනුවෙන්.

නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමීන් වහන්සේ නමක් සඳහා රුපියල් 5,000ක ගිණුම් තැන්පතුවක් ආරම්භක පියවරක් ලෙස ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිත “ජාතික වෙසක් සැමරුම” සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන දැනුවත් කර ඇති බවද ඔහු සඳහන් කළා.

 
(colombotimes.lk)