colombotimes.lk
සිංහල | English

07 May 2024

ජනපති සහ සජිත් පාර්ලිමේන්තුවේදී ගැටෙයි



සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මේ සතියේ විවාදයට ගැනීම විපක්ෂය ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

ඒ අනුව විපක්ෂයේ කටයුතු කිරීමටවත් සූදානම් නැති විට මැතිවරණයක් දෙන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කළා. 
 
එයට පිළිතුරු දෙමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ රජයට අවශ්‍යව ඇත්තේ එය ඉක්මනින් විවාද කර අවසන් කිරීමට බවයි. 
 
'අපිට තව කාලයක් ඕන. අපිට ඕන එක දවසක් විතරක් නෙවෙයි දින තුනක විවාදයක්. ආණ්ඩුවට ඕන ඉක්මනට අරන් ඉවර කරන්න. කරුණාකරලා ඒක හරියට කරන්න' ලෙස විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.
(colombotimes.lk)