22 March 2025


බදු පැහැර හරින්නන්ට ජනපතිගෙන් රතු එළියක්



බදු පැහැර හරින සහ බදු වංචා කරන සියලුම ව්‍යාපාරිකයන්ට එරෙහිව ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ ඊයේ (21) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අල්ලස් ගැනීමට එරෙහිවද දැඩි තීන්දු ගන්නා බවයි.

එමෙන්ම සෑම රාජ්‍ය නිලධාරියෙක්ම අමතර ගාස්තු නොමැති පැවරී ඇති රාජකාරිය ඉටු කළ යුතු බවද ජනධිපතිවරයා එහිදී අවධාරණය කළා.

(colombotimes.lk)