05 May 2025


ජනපති අද වියට්නාමයට



ජනාධිපති අනුර කුමාර දිසානායක අද (03) රාත්‍රියේ වියට්නාමය බලා පිටත්වයාමට නියමිතව තිබෙනවා.

වියට්නාම් ජනාධිපති Luong Cuongගේ ආරාධනයකට අනුව ඔහු මැයි 04 සිට 06 දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාර​යක නිරත වන බවයි වාර්තා වන්නේ.

මෙම සංචාරයේදී රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීම, එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයට සහභාගී වීම සහ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ආදී කටයුතු රාශියක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ මෙම රාජ්‍ය සංචාරයට එක්වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)