ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් ඊයේ (30) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
එහිදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වේගවත් දියුණුවක් අත්කර ගනිමින් සිටින බව ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් සඳහන් කර තිබෙනවා.
ඉදිරියේදී ආසියානු සංවර්ධන බැංකුවේ දායකත්වයෙන් මෙරට සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සැලසුම් කර තිබෙන නව ව්‍යාපෘති සම්බන්ධවද මෙහිදී නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයාව දැනුම්වත් කර ඇති බවයි වාර්තා වන්නේ.
නව සංචාරක කලාප ඇති කිරිමේදී සහ සංචාරක කර්මාන්තයේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය ආයතනවල දායකත්වය විධිමත් හා කාර්යක්ෂම අන්දමින් ලබා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.