31 January 2025


රැකියා වීසා ගැටලුවට විසඳුම් ඉතාලියෙන් ඉල්ලයි



ශ්‍රී ලාංකිකයන් සඳහා මේ වන විට අත්හිටුවා තිබෙන රැකියා වීසා බලපත්‍ර නැවත ආරම්භ කිරීම කඩිනම් කරන ලෙස විදේශ අමාත්‍ය විජිත හේරත් ඉතාලි රජයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති Damiano Francovigh සමඟ පැවති සාකච්ඡාවකදීයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා ඉතාලිය සිය රැකියා වීසා ප්‍රතිපත්ති සමාලෝචනය කරමින් සිටින බවත් අත්හිටුවීම තාවකාලික බවත් තානාපතිවරයා එහිදී සඳහන් කළා.

රැකියා වීසා නිකුත් කිරීම නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම අදාළ ඉතාලි බලධාරීන්ට දැනුම්දීමට තානාපතිවරයා එහිදී එකඟ වී තිබෙනවා.

(colombotimes.lk)