ඉන්දියාවේ පැවැත්වෙන මහා කුම්භමේලා ආගමික උත්සවයේදී අධික තෙරපුම හේතුවෙන් පුද්ගලයන් 30දෙනෙක් මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පූජාව සඳහා කෝටි 10ක පමණ බැතිමතුන් පිරිසක් එක්ව සිටින අතර පුද්ගලයන් 60දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.
ගංගා, යමුනා සහ පුරාවෘතයේ සඳහන් සරස්වතී ගංගාවන්ට සංගම් නදිය එක් වන ස්ථානයේ ස්නානය කිරීම මඟින් පව් සේදී, ඉපදීමෙන් සහ මරණයෙන් මිදුණු 'මෝක්ෂය' උදාකර ගත හැකි බවට පවතින විශ්වාසය මත කුම්භමේලා ආගමික උත්සවය පැවැත්වෙනවා.
(colombotimes.lk)