01 July 2025

logo

ජනපති සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක්



ඉදිරි අයවැය සහ රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ වෘත්තීය සමිති සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ (29) පවත්වා තිබෙනවා.

ඒ අරලියගහ මන්දිරයේදීයි.   

මෙම සාකච්ඡාව සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් රැසක් සහභාගී වී තිබෙනවා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සඳහන් කළේ එහිදී වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව සහ ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට සිදු වන සහන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි.
 
ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට සහන ලබාදීම වෙනුවට මූලික වැටුප වැඩිකිරීම ගැනද අදහස් ඉදිරිපත් වී තිබෙනවා.

(colombotimes.lk)