මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය අද (21) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
ඒ වැටුප් විෂමතා ගැටලුවක් ඇතුළු ඉල්ලීම් දෙකක් මුල් කරගනිමින්.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී බලධාරීන් සමඟ සාකච්ඡා සිදු කළ ද එහිදි ලබාදුන් පොරොන්දු මේ දක්වාත් ඉටු නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන බව ඔවුන් සඳහන් කළා.
(colombotimes.lk)
