18 March 2025


සංචාරක කර්මාන්තයෙන් වාර්තාගත ආදායමක්



2025 වසරේ මුල් මාස 02ක තුළ සංචාරක කර්මාන්තයෙන් ඇමරිකා ඩොලර් මිලියන 768.2ක ආදායමක් උපයාගෙන තිබෙනවා.

මෙය පසුගිය වසරේ මුල් මාස දෙක තුළ ඉපැයූ ආදායමට සාපේක්ෂව 12%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙය 2020 වසරේ සිට අදාළ මාස දෙක සඳහා උපයා තිබෙන ඉහළම ආදායම ලෙස සටහන් වනවා.

2025 වසරේදී සංචාරකයන් මිලියන 03ක් ගෙන්වා ගැනීමටත්, ඉන් එක්සත් ජනපද ඩොලර් බිලියන 05 ඉක්ම වූ ආදායමක් උපයා ගැනීමටත් රජය අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)