දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2026 මැයි 18 දක්වා එකතු කර ඇති සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන එකක් (රුපියල් බිලියන 1,000) ඉක්මවා ගොස් තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ විධිමත් බදු පරිපාලන ක්‍රියාවලිය සහ මෑතකදී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ මෙම වාර්තාගත ආදායම උපයා ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බවයි.
වසරේ මුල් මාස 05කට ආසන්න කාලසීමාවක් තුළ මෙවැනි ඉහළ බදු ආදායමක් සනිටුහන් කිරීම මෙරට රාජ්‍ය මූල්‍ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)
