02 April 2025


සහන ආහාර පැකේජය අද සිට



අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් වෙනුවෙන් සහන මිලකට ආහාර පැකේජයක් ලබාදීමේ වැඩපිළිවෙළ අද (01) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අද (01) සිට ලබන (13) වනදා දක්වා රුපියල් 5,000ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජය 50%ක වට්ටමකට එනම් රුපියල් 2,500ක මිලකට සතොස හරහා  ලබා ගැනීමට අවස්ථාව හිමිවන බවයි වාර්තා වන්නේ.

ලංකා සතොස මඟින් ආවරණය නොවන ප්‍රදේශයන්හී සුදුසුකම්ලාභීන් සඳහා තෝරාගත් සමූපකාර අලෙවිසැල් මඟින් පැකේජය නිකුත් කර තිබෙනවා.
 
අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂිතයන් ලෙස දැනට ලියාපදිංචිය හිමි පොරොත්තු ලේඛනයේ සිටින පවුල් 812,573ක් සඳහා මෙම විශේෂ වට්ටම හිමිවන බවයි වාර්තා වන්නේ.  

මෙම ප්‍රතිලාභය නිසි ලෙසම සුදුස්සන් වෙතම හිමි වන්නේද යන්න සොයා බැලීමට විධිමත් යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

(colombotimes.lk)