21 March 2025


තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට අයදුම්පත් කැඳවයි



තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධූරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසුකම් සහිත තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි විධිවිධාන යටතේයි.

අයදුම්කරුවන් විසින් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ඇති ක්‍ෂණික සබැඳි යටතේ ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙක් පත් කිරීම’ නමින් පළ කර ඇති තොරතුරු ආකෘති පත්‍රයට අනුකූලව අයදුම්පත්‍ර සකස් කළ යුතු බවයි වාර්තා වන්නේ.

එම සම්පූර්ණ කළ අයදුම්පත්‍ර ලබන පළමුවනදා හෝ ඊට පෙර ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ’ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු වනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට අයදුම්පත්‍ර යොමු කළ හැකි බවයි.

(colombotimes.lk)