24 February 2026

logo

රුසියානු ජනාධිපති අද ඉන්දියාවට



රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (04) ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
 
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ 23වන ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුව වෙනුවෙන් රුසියානු ජනාධිපතිවරයා මෙලෙස ඉන්දියාවට පැමිණෙන බවයි. 

දෙදින සංචාරය අතරතුර ජනාධිපති පුටින් හෙට (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා සිදු කරන බවයි වාර්තා වන්නේ. 

එහිදී දෙපාර්ශවය විසින් වෙළඳාම, ආර්ථිකය, සෞඛ්‍ය සේවා, සංස්කෘතිය සහ මාධ්‍ය යන ක්ෂේත්‍ර ඇතුළු ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමටද නියමිතව තිබෙනවා. 

එමෙන්ම ඇමරිකානු විරෝධය හමුවේ රුසියානු ඛනිජ තෙල් මිලදී ගැනීම් සිදු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමටද නියමිතයි. 

(colombotimes.lk)