අහුන්ගල්ල පොලිස් වසමේ අහුන්ගල්ල වෙරළ තීරයේ දියනෑමට ගිය විදේශීය ජාතික යුවළක් ඊයේ (25) දියවැලකට හසුවී ගසාගෙන යමින් සිටියදී බේරාගෙන තිබෙනවා.
ඒ එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් පරික්ෂක මනෝජ් ආරියරත්න, පොලිස් කොස්තාපල් 19342 සංගීත් සහ පොලිස් කොස්තාපල් 103992 දුලංජය යන නිලධාරින් විසින්.
පොලීසිය සඳහන් කළේ අනතුරට මුහුණදුන් විදේශිකයන් අවුරුදු 51ක් සහ අවුරුදු 46ක් වන රුසියානු ජාතික යුවළක් බවයි.
(colombotimes.lk)