මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යෝෂිත රාජපක්ෂට රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප 02ක් යටතේ ඇප හිමි වී තිබෙනවා.
ඒ ඔහුව අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එමෙන්ම ඔහුට විදේශ ගමන් තහනමක්ද පනවා තිබෙන බවයි වාර්තා වන්නේ.
සෑම මසකම අවසන් ඉරුදින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට වාර්තා කළ යුතු බවට ඔහුට නියෝග කර තිබෙනවා.
එමෙන්ම මහේස්ත්‍රාත්වරයා විසින් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසටත් ඔහුට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)