colombotimes.lk
සිංහල | English

05 May 2024

රුසියානු ජාතිකයෙක් හික්කඩුවේදී දියේ ගිලී මරුට



හික්කඩුව වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දිය නාමින් සිටි 29 හැවිරිදි රුසියානු ජාතිකයෙකු ඊයේ සවස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

පොලිසිය පැවසුවේ ජීවිතාරක්ෂක නිලධාරියා විසින් රුසියානු ජාතිකයා බේරා ගැනීමෙන් පසු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි. 
 
කෙසේ වෙතත් ඔහු ඇතුළත් කිරීමේදී මිය ගොස් සිට ඇති බවයි වාර්තාවන්නේ.
(colombotimes.lk)