e යතුරුපැදියකින් ගමන් කරමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් අද (19) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ කබලාන දුම්රිය හරස් මාර්ගයේදීයි.
මියගිය විදෙස් ජාතික කාන්තාව වයස අවුරුදු 23ක් වන රුසියානු ජාතික කාන්තාවක්.
පොලීසිය සඳහන් කළේ එම අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මක වී තිබී ඇති බවයි.
(colombotimes.lk)
