21 March 2025


සජබ ආධාරකරුවන් 33ක් අත්අඩංගුවට



මහනුවර පාතහේවාහැට මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේගය අපේක්ෂකයන් හට සහයෝගය පළකරමින් රථ වාහන පෙළපාළියක් යාමට සූදානම්ව සිටි 33දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සඳහා සූදානම් කර තිබූ වාහන 08ක්ද අම්පිටිය ප්‍රදේශයේදී මහනුවර පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

අපේක්ෂකයන්ගේ රුව මෙන්ම විවිධ කොඩි ඇතුළු සැරසිලි කර තිබූ වාහන මෙලෙස තම භාරයට ගත් බවත් මේ වන විට ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන බවත් මහනුවර පොලිස්
මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)