colombotimes.lk
සිංහල | English

01 July 2024

SL Vs WI Women 3nd T20 | තියුණු සටනකින් පසු තරගාවලි ජය කොදෙව්වන්ට



කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර අද (28) පැවති තුන්වන T20 තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට කොදෙව් කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 141ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුළු 4ක් දැවී සිටියදී නියමිත ඉලක්කය පසු කිරීමට සමත්වුණා.

ඒ අනුව මේ තරගය ජය ගත් කොදෙව් කාන්තා කණ්ඩායම තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2 - 1ක් ලෙස ජයග්‍රහණය කළා. 

(colombotimes.lk)