13 May 2025


SL vs WI Women 03rd T20 | කොදෙව් කණ්ඩායමට ලකුණු 142ක ඉලක්කයක්



කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර අවසන් T20 තරගය අද (28) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආරාධනා කළා.  

ඒ අනුව ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 141ක් ලබා ගැනීමට සමත් වුණා.   

පන්දුවට පහරදීමේදී චමරි අතපත්තු ලකුණු 38ක්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 28ක් සහ කවීෂා දිල්හාරි ලකුණු 26ක් රැස් කළා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා කොදෙව් කාන්තා කණ්ඩායම ලකුණු 142ක් රැස් කළ යුතුයි. 
(colombotimes.lk)